බ්‍රසීලයේ පැවැත්වෙන තරගාවලියට එංගලන්තය නියෝජනය කරමින් සහභාගිවී සිටින ආර්සනල් කී‍්‍රඩා සමාජයේ සුප්‍රකට ක්‍රීඩක ජැක් විල්ෂෙයර්ද සිය බාහු යුවල් ටැටූ වලින් සරසා ඇති අතර 30 හැවිරිදි ක්‍රීඩක රොස් බාර්ක්ලි ඇරිස්ටෝටල්ගේ දාර්ශනික යෙදුමක් පවා සිය බාහුවේ සටහන් කර ඇතැයි වාර්තා වේ.
මින් දශක කිහිපයකට පෙරදී ටැටූ කලාව නාවිකයන්, දාමරිකයන් අත පැවති අතර සිවිල් සමාජයේ කිසිවකුත් ඒ පිළිබඳ අවධානයක් නොදක්වන ලදී.
නමුත් 90 දශකය තුළදී එය මධ්‍යම පංතික පිරිස් අත ජනප්රියවීමට පටන්ගනු ලැබිණි.
තමන් තවදුරටත් සාමාන්‍ය නිර්ධන පංතියේ මිනිසුන් බව පෙනෙන්නට සැලැස්වීම මෑතකාලීන ටැටූ විලාසිතාව පැනනැගීමට හේතුව ලෙස සැලකේ.
පාපන්දු ක්‍රීඩකයන්ද ඔවුන්ගේ අතිවිශාල වැටුප් සහ සුඛෝපභෝගි ජීවන විලාසය සැ`ගවීම සඳහා සිරුරේ පච්චා කොටාගැනීම භාවිතා කරන බව පැවසේ.
උදාහරණයක් ලෙස සුපිරි පාපන්දු ක්‍රීඩක ඬේවිඞ් බෙකම් දිනෙන් දින ධනවත් වන විට ඔහුගේ කම්කරු පංතික මූලයන් විදහාපෑම සඳහා ටැටූ භාවිතා කරන ලදී.
මේ වන විට කාන්තාවන් අතරද ජනපි‍්‍රයත්වයට පත්ව ඇති ටැටූ, තමන් පි‍්‍රය කරන පාපන්දු වීරයන් අතරේ තිබෙනු දකින බොහෝ දෙනෙක් මේ පාපන්දු ලෝක කුසලාන සමයේ ටැටූ කොටාගනු ඇතැයි විශ්වාස කෙරේ.