කාමුක සිනමා හෝ ඡායාරූප වැඩිපුර නැරඹීම හා මොළයේ ප්‍රමාණය අඩුවීම අතර සම්බන්ධයක් තිබිය හැකි බව පර්යේෂකයන් පිරිසක් විසින් සොයාගෙන ඇති බවට තොරතුරු වාර්තා වනවා. බර්ලින් නුවර මානව සංවර්ධනය පිළිබඳ මැක්ස් ප්ලාන්ක් ආයතනයේ විද්‍යාඥයින් විසින් සිදුකර ඇති පර්යේෂණය සඳහා වයස අවුරුදු 21 සිට 45 අතර සෞඛ්‍ය සම්පන්න පිරිමින් 64ක් තෝරාගෙන ඇති අතර ඔවුන්ගේ කාමුක සිනමා නැරඹීමේ පුරුදු පිළිබඳ ප්‍රශ්න විමසමින් එය සහ මොළයේ එම්.ආර්.අයි ඡායාරූප අතර සබඳතාවය පිරික්සා බලා තිබෙනවා.
නියැදියේ කාමුක සිනමා නැරඹීමේ සාමාන්‍ය කාලය සතියකට පැය 4ක් වූ බව වාර්තා වනවා.එහිදී නිරීක්ෂණය කර ඇත්තේ ඔවුන්ගේ පෙර මොළයේ පිහිටා ඇති ස්ට්රියේටම් ප්‍රදේශයේ අළු පැහැ ද්‍රව්‍ය පරිමාව සාමාන්‍ය පුද්ගලයන්ට වඩා අඩු වන බවයි.ස්ට්රීයේටම් ප්‍රදේශය මගින් පෙළඹුම හා ශාරීරික චලනය අතර සමායෝජනය හසුරුවන අතර සංකීර්ණ සමාජයීය සබඳතාවකදී පුද්ගල චර්යාවන්ගේ සිට සියුම් සහ ස්වේච්ඡනුගත චලනයන් වැනි හැසිරීම් වලට බලපාන බවයි සැලකෙන්නේ.එමෙන්ම කාමුක ඡායාරූප බලන මොහොතේදී පවා ස්ට්රීයේටමයේ අළු පැහැ ද්‍රව්‍ය පරිමාව අඩුවන බවද නිරීක්ෂණය කර තිබෙනවා.විද්‍යාඥයින් පවසා ඇත්තේ මෙම පර්යේෂණය මගින් හෙළිවූවේ කාමුක ද්‍රව්‍ය නැරඹීම සහ මොළයේ ප්‍රමාණය අතර අන්තර් සම්බන්ධතාවය මිස හේතුවම නොවිය හැකි බවයි.