සමලිංගිකත්වයට එරෙහිව නීති පැනවීම හේතුවෙන් අමෙරිකාව විසින් උගන්ඩාවට එරෙහිව සම්බාධක පනවා තිබේ.
උගන්ඩාව ගෙන ඇති තීරණය මගින් මානව හිමිකම් උල්ලංඝණය වීමක් සිදුවන බව අමෙරිකාව පවසයි.
උගන්ඩාවේ ජනාධිපති යොවේරි මුසවේනි විසින් පසුගිය පෙබරවාරි මාසයේ සමලිංගිකත්වයට එරෙහිව නීති සම්මත කර ගැනීම සඳහා අත්සන් තබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේය.
එම නීතියට අනුව සමලිංගික ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයින්ට වසර 14ක් දක්වා සිර දඬුවම් නියම කිරීමට පියවර ගෙන ඇත.
උගන්ඩාව පනවා ඇති මෙම නීති හේතුවෙන් උගන්ඩාවේ විවිධ ආයතන වලට සහ වැඩසටහන් සඳහා ලබාදෙන ආධාර, ධවල මන්දිරය විසින් කපා හැරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.
එමෙන්ම යුධ අභ්‍යාස සඳහා ලබාදෙන ආධාර නතර කිරීමටද අමෙරිකාව පියවර ගෙන ඇත.
-http://sinhala.adaderana.lk/-