හොඳම නළුවා ජැක්සන් නිළිය නිලූක්ෂි - Gossip Lanka 9

රයිගම් ටෙලි සම්මාන උළෙලේ හොඳම ටෙලිනාට්‍ය ලෙස ‘අප්පච්චී’ සම්මාන දිනාගත්තා. හොඳම අධ්‍යක්ෂවරයා ලෙස සම්මාන දිනාගත්තේ එහි අධ්‍යක්ෂවරයා වූ ආනන්ද අබේනායකයි. කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී ඊයේ රාත‍්‍රී මෙම සම්මාන උළෙල පැවැත්වුණා.

හොඳම නළුවා ලෙස එහිදී සම්මාන දිනාගත්තේ අප්පච්චී ටෙලිනාට්‍යයේ රඟපෑ ජැක්සන් ඇන්තනියි.හොඳම නිළිය ලෙස ‘සඳා’ ටෙලිනාට්‍යයේ නිලූක්ෂි ප‍්‍රනාන්දු සම්මාන දිනාගත්තා.

හොඳම සහය නළුවා වූයේ එම ටෙලිනාට්‍යයේම රඟපෑ කුමාර තිරිමාදුරයි. ‘හෝපලූවර්ණ’ ටෙලිනාට්‍යයේ රඟපෑ දමයන්ති ෆොන්සේකා හොඳම සහය නිළිය ලෙස සම්මාන දිනාගත්තා.ජනප‍්‍රියම ටෙලිනාට්‍ය නළුවා වූයේ ජගත් චමිලයි. ආශා එදිරිසිංහ ජනප‍්‍රියම ටෙලිනාට්‍ය නිළිය ලෙස සම්මාන දිනාගත්තා.

-nethfm-


-nethfm-