ලන්දේ මරණයට හේතුව මෙන්න - Gossip Lanka 9

ගම්පොල ඇරූගොඩ පාරේ ලඳු කැලෑවකදී ඝාතනයට ලක්ව සිටි කාන්තාව සහ වස පානය කර ඒ අසලම වැටී සිටි පිරිමි පුද්ගලයා අනියම් පෙම්වතුන් බව පොලිස් විමර්ශනවලින් හෙලිව තිබෙනවා.

පොලිස් ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පැවසුවේ අද අළුයම 6.30ට පමණ සිදුකෙරුණු සෝදිසියකදී මෙම මළ සිරුර සහ වස පානය කළ පුද්ගලයා හමු වූ බවයි.

අදාල කාන්තාව ඉලපෝගම පදිංචි වයස අවුරුදු 32ක් වන දෙදරු මවක් බවද පිරිමි පුද්ගලයා පොලොන්නරුව දිවුල්දමන ප‍්‍රදේශයේ පදිංචි 38 වැනි වියේ පසුවන්නෙක් බවද හඳුනාගෙන තිබෙනවා.

මොවුන් දෙදෙනාම කුලි පදනම මත රෝගීන්ට උපස්ථායක සේවා සපයන ස්ථානයක සේවය කර ඇති බවයි වැඩිදුරටත් හෙලිව තිබෙන්නේ.

-nethfm-