ඇඟිල්ලේ තරමට ඉදිමෙන්න කිව්වට සමහරු නං ඉදිමෙන්නේ ලෙඩ වුණොත් විතරයි. ලෙඩ කියන්නේ... ඇඟේ තෙල වැඩි වුණොත්, තැල්මක් වුණොත්, නිදි වැරුවොත්, විශබීජයක් ලේ වලට කලවම් වුණොත් තමයි ඉතිං. ඉදිමෙනවා කියන වචනේ පොෂ් මදි නිසා මහතයි කියලා වචනයක් අපි ඒකට ආදේශ කරගත්තා.
කෙට්ටු අය මහත් වෙන්න ආසයි. මහත අය කෙට්ටු වෙන්න ආසයි. හැබැයි ඒ ආසාවල් 2 ම එන්නේ ඇදුම් ගන්න ගියාමයි. හැබැයි ඇඟ මොන ප්රමාණයක වුණත් හරියනම ඇදුම තෝරගන්න අපිට පුළුවන්, එකම ඇදුම Size කිහිපයකින් තියෙන නිසා.small, medium, large සහ extra large කියන ප්රමාණ වලින් ඇදුම් ලෝකේ ඕන තැනක තියෙනවා. හැබැයි අද ඉදලා ජපානේ ඔය කියන Size වලින් ඇදුම් ගන්න ලැබෙන්නේ නෑ.
‘ආහ්, ඇයි ඒ. අද ඉදලා ජපානේ අය ඇදුම් අදින්නෙ නැද්ද?‘ දැන් ඔබේ ප්රශ්ණෙ ඕකනේ.
උත්තරේ එහෙම දෙයක් නෑ කියන එකයි. මොකද අද ඉදලා Skinny, Fat සහ Jumbo lshk Size වලින් ඇදුම් ගන්න ජපනුන්ට පුළුවන්නේ.
ආයිත් ප්රශ්ණයක් නේද? ‘මොකද මේ එකපාරටම ජපනට හිතුනේ Size වෙනස් කරන්න‘කියලා.
නෑ නෑ, මේ ගොඩක් කල් ඉදලා කරපු සමීක්ෂණයක ප්රතිඵලයක්.
‘ජපානේ උදවිය ඇදුමක් ගන්න ගියාම ලේබලේ සහ ඇදුමේ තියෙන small, medium, large සහ extra large කියන වචන ටික දැක්ක ගමන් ඒ ඇදුම ගන්න තියෙන උද්යෝගය අඩු වෙනවා.‘
සමීක්ෂණයෙන් හෙළිවුනේ ඔය ටිකයි. ඉතිං ඒකට පිළියමක් විදිහට ලෝක සම්ප්රදාය වෙනස් කරන්න ජපාන ඇගලූම් හිමියන් තීරණය කරා. ජපන් උදවිය Size එක ගැන කියන්න නිතරම භාවිතා කරන Skinny, Fat සහ Jumbo කියන වචන ටික ඇදුම Size හදුන්වන්න දාන්න කටයුතු එයාලා කටයුතු කළා.
මොකද කියන්නේ... අපිත් ජපානේ වගේ Size එක වෙනස් කරන්න Try එකක් දෙමුද? හැබැයි ඉතිං දවස් කීයක් පාරේ ඉන්න වෙයිද නං දන්නේ නෑ...
-hiru-