1 ආචාර්ය සාලමන් ෆොන්සේකා,ගාමිණි ෆොන්සේකා මේ දෙදෙනා ගැන වචනයක් කියන්න.?
ලේසියෙන් ලංකාවේ බිහිවෙන්නෙ නැති දෙන්නෙක්.මේ දෙදෙනාටම ඉතා සුවිශේෂි හැකියාවක් තිබුණා.ආචාර්ය සාලමන් ෆොන්සේකා අවුරුදු 10 ක් විතර චෙකොල්සෝවැකියාවේ විශ්වවිද්‍යාලයක ඉගෙනගෙන අපේ රටට ආවත් මොකක්දෝ කරුමෙකට එතුමාගේ දැනුමෙන් ලංකාව ප්‍ර යෝජන ගත්තෙ නැහැ.යම් ප්‍ර යෝජනයක් ගත්තා නම් ඒ මමයි කමල් අද්දරආරච්චියි විතරයි මම දන්නා තරමින්. සිනමා සක්විති ගාමිණි ෆොන්සේකා සිනමාව වෙනුවෙන් ඉමහත් සේවයක් කළානමුත් අවසාන කාලෙදි එතුමා ක්‍රියාකාරී දේශපාලනයට සම්බන්ධ වීමත් සමග එතුමාගෙන් ලබාගන්න ඕන සේවය ලබා ගන්න බැරිවුණා.
2 ඇයි මේ නැවත ලංකාවේ වේදිකාවට ගොඩවෙන්නෙ නෑ කියන්නෙ?
මම වේදිකා නාට්‍ය ගොඩක් කරලා නෑ.ඕනනම් 15 විතර කරලා ඇති.ඔන්න ඔහේ වේදිකා නාට්‍ය 100 ක් කරනවට වඩා හොද එක වේදිකා නාට්‍යයක් කළාම ඇති. ලංකාවේ සාමාන්‍ය යෙන් 3.30, 6.30 දර්ශන දෙකක් දානවා.වේදිකාව මත ශක්තිය මුදා හරින්න පුළුවන් එකපාරයි.මෙවැනි තත්ත්වයක් තුළ වෙන්නෙ රංගන ශිල්පියා දැඩි මහන්සියකට වගේ ව්‍යාජ රංගනයකට හුරුවීම. ලංකාවේ ලයනල් වෙන්ඩ්ට් වගේ නාට්‍ය ශාලා තියෙන්නෙ කීයද? කොළඹින් පිට ගියාම මධ්‍යමහා විද්‍යාලවල සිමෙන්ති වේදිකා උඩ,දර්ශනවාර ඉවර වුණාම මූණ හෝදගන්න වතුර ටිකක් නැහැ.ඊට පස්සෙ ලොකු කාඩ්බෝඩ් පෙට්ටියක කෑම පාර්සල් ටික එනවා.ප්‍රේක්ෂකයෝ වාඩිවෙලා හිටිය යකඩ පුටු උඩ ඒක ලිහාගෙන කනවා. අද festival බලාගෙන තමයි නාට්‍ය කරන්නෙ rehearsal මාසයයි.අපි පුන්තිලා කරද්දි අවුරුද්දක් ව්‍යායාම කළා.මාස 4 rehearsal කළා.හරිහමන් වේදිකා නාට්‍ය ශාලාවක් නැති අපි කොහොමද හොද නාට්‍යය කරන්නෙ.බාල විදිහට නාට්‍ය කරන එක මට මහා මහන්සියක්.ඉතින් මම හිතුවා ඒ කාලකන්ණි වැඩේට සම්බන්ධ වෙන්නෙ නෑ කියලා.
3. ඇයි මහේන්ද්‍ර අයියගේ රංගන පාසල වහලා දාන්න තීරණය කළේ?
ඒක පවත්වාගෙන යන්න තරම් ශක්තිමත් ආර්ථික තත්ත්වයක් තිබුණෙ නෑ.මහරගම,නාවින්නේ ගෙයක් කුලියට අරන් තමයි මම ඒක පටන් ගත්තෙ.මාසෙට 30,000 ක් ගෙව්වා.පාඨමාලා ගාස්තු විදිහට 1000 ක් ගත්තා.ඒත් එය ප්‍රමාණවත් වුණේ නැ rent එකවත් ගෙවන්න.සමහර වෙලාවට පැදුරු පාටි දාලා පවා වියදම් cover කරගන්න වුණා. සතියේ දවස් 5 ම උදේ 9-5 වෙනකල් class කළා.සමහර ළමයි චමරි දාගෙන කොළඹ නැවතිලා ඉගෙන ගත්තා.හවස් වෙලා ළමයින්ට යන්න බැරි වුණාම එතන නතර වුණා.මම නාට්‍ය ශිල්පීන්ට පෙරපුහුණු කටයුතු කරන්න තියටර් එකක් හදලා ඒක පැයකට රුපියල් 75 ට කුලියට දුන්නා.කොහොම කොහොම හරි ගැටගහගත්තත් අවුරුදු 3 ක් යද්දි අමාරු වුණා.rent එක ගෙවාගන්න බැරිවුණා.ළමයගෙන් මංගත්තෙ 1000 යි.අන්තිමේ ළමයා මාසෙ අන්තිමේ කන්න නෑ කියලා මගෙන් 1000 ක් ඉල්ලනවා.පවත්වාගෙන යන එක හිතද්දි මට මහන්සියක් දැනුණා.මට ආපු සමහර වැඩත් අතපසුකරගෙනයි මම ඒක කළේ.අන්තිමට මම මගේ වැඩක් බලන් ඉන්න හිතාගෙන පාසල වහලා දාන්න තීරණය කළා.
4. මහේන්ද්‍ර අයියා කවදාහරි දක්ෂ නලුවෙක් වෙනවා කියලා පළමු අනාවැකිය පළ කළේ කවුද?
ගල්කිස්සෙ අපි හිටිය කාලේදි.මම නාට්‍යයක රගපෑවා.එතකොට මම පොඩියි.ඒ නාට්‍ය rehearsal කරපු ගෙදර Uncle මට කිව්වා පුතා කවදහරි ගාමිණි ෆොන්සේකා වගේ දක්ෂ නළුවෙක් වෙනවා කියලා.මම එදා හිරිවැටිලා ගියා.මට ඒ Uncle ගේ නම නම් මතක නෑ. ක්ෂේත්රයේ මට හොදට මතක හිටින අනාවැකිය කිව්වෙ ගාමිණි ෆොන්සේකා සර්.සම්මුඛ සාකච්ඡාවකදී එතුමාගෙන් ඇහුවා ඊලට පරම්පරාවේ දක්ෂ නළුවා කවුද කියලා.එතකොට එතුමා කිව්වා අර කොටෙක් ඉන්නෙ මහේන්ද්‍ර කියලා මිනිහා තමයි නළුවා කියලා.ඒ වචනෙ මට සම්මානයකටත් වඩා වටිනවා අදටත්.
5 දක්ෂ වුණාට මිනිහා කොටයි කියලා ප්‍රතික්ෂේප කරපු අධ්යක්ෂවරු ඉන්නවද?
ඔව් එහෙම අවස්ථා තිබුණා.මම ආපු මුල් කාලෙදි එච්.ඩී ප්‍රේමරත්නව මම හදුනාගත්තා.ප්‍රේමරත්න අයියා කරන්න හිටපු චිත්‍රපටයක චරිතයක් ගැන කතා කරන්න මට එන්න කිව්වා.මම එදා සරසවි චිත්‍රගාරයට ගියා.මම දොරෙන් ඇතුළු වෙද්දිම දැක්කා ප්‍රේමරත්න අයියා එක්ක එක්තරා අධ්යක්ෂවරයෙක් හිටියා.මම නම කියන්න කැමති නැහැ.මට ඇහුණා එයා ප්‍රේමරත්න අයියට කියනවා අපෝ මෙයා හරියන්නෙ නෑ කොටයි කියලා.මම දැනගත්තා වැඩේ හරියන්නෙ නැ කියලා.මම චරිතෙ ගැනවත් අහන්නෙ නැතිව කොහොමද කින්ද මන්ද අහලා ආපහු එන්න ආවා.හැබැයි ඒ චරිතය ලැබුණා නම් එදා මම දන්නවා උසට රගපාලා පෙන්වන්න.
6 උස මදි නිසා ඒ චරිතය විතරද අහිමිවුණේ.?පෞද්ගලික ජීවිතයේ මොනවාද අහිමිවෙලා තියෙන්නෙ.
එහෙමනම් ඉතිං ඔය කෙල්ලෙක් තමයි අහිමි වෙන්න ඕනෑ.එහෙම වෙලාත් තියෙනවා හැබැයි එහෙම අවස්ථා ජයගෙනත් තියෙනවා.
7 මහේන්ද්‍ර අයියට පිස්සුවෙන් වගේ ආදරය කරන රසිකාවියක්ට ඕන වෙනවා කොහොමහරි මහේන්ද්‍ර අයියගෙ ගෙදර නතර වෙන්න.ඔයා මොකද කරන්නෙ.?
wife ට කියනවා අනේ කොහොම හරි එක චාන්ස් එකක් දෙන්නකෝ කියලා.ඔයත් ඔහොම පොඩ්ඩක් ඉන්න එයාවත් තියාගනිමු කියලා මම කොහොම හරි නවත්තගන්නවා.
8 ගයාන් වික්‍රමතිලක,දසුන් පතිරණ,සම්පත් ජයවීර,රොෂාන් රවීන්ද්‍ර මේ අයියගෙ ගෝලයෝ.මේ අය දක්ෂතාව අනුව පෙළගස්වන්න.
මේ හතර දෙනාගෙම දක්ෂතා මම දැක්කා.ගයාන්ගෙත් මම විශාල දක්ෂතාවක් දැක්කා.ලොකු කැපවීමක් තිබ්බා.රොෂාන් රවීන්ද්‍ර කියන්නෙ ගොඩක් කල්පනා කරලා වැඩක් බාරගන්න කෙනෙක්.ගයාන් එහෙම තෝරා බේරා ගැනීමක් නැහැ.මේ තියෙන ආර්ථික තත්ත්වය ඊට හේතුවෙනවා.දසුන් පතිරණත් ටිකක් තෝරා ගැනීමක් එක්ක සොයාගෙන යන ගමනක් යනවා.සම්පත් ජයවීරත් දැඩි උනන්දුවෙන් සොයායෑම් කරන අලුත් වෙන්න හදන දක්ෂතා තියෙන කෙනෙක්.මේ හතර දෙනාම එකම මට්ටමේ දක්ෂයෝ.ජීවත්වීමේ ප්රශ්නය නිසා මේ හැමෝටම වෙලා තියෙන්නෙ විෂයානුබද්ධ වෙන්න බැරිවීම.හම්බකිරීමේ ප්‍රශ්නෙ නිසා මේ හතරදෙනාම එක තැනක හිරවෙලා.
9 දැන් විවාහ වෙලා ඉන්න කෙනා බිරිය නොවුණා නම් මේ අයගෙන් බිරිය කරගන්නෙ කවුද?
නිල්මිණි තෙන්නකෝන්,සංගීතා වීරරත්න,නුවංගි ලියනගේ,දමිතා අබේරත්න. මේ හතරදෙනාගෙන් එක්කෙනෙක්වත් නොබැද මම අයාලේ යනවා.මොකද මෙයාලා කාටවත් බෑ මාව control කරන්න.මම ඔය අයාලේ ගිය ජිවිතේ කිය කියා නිකන් ඉදියි එහෙනම්.
10බූඩිට ඕන වෙනවා‘මිල්ලෙ සොයා“ චිත්‍රපටය නැවත කරන්න.චරිතවලට අදාළ නලු නිළියෝ තේරීම මහේන්ද්‍ර අයියට බාර දෙනවා.අයියගෙ චරිතයටයි,සංගීතාගේ චරිතයටයි ඔයා තෝරන්නෙ කවුද?
මගේ චරිතයට...ම්ම්ම්.. මම හිතනවා දසුන් පතිරණ චුට්ටක් විතර හරියයි කියලා.ගොඩන් නෙවෙයි චූචූචූට්ටක්,සංගීතට තමයි දෙවියනේ..මම දැන් ඉන්න අයගේ නම් දන්නෙ නෑ..ම්ම්ම් අර කවුද ආහ්..ශලනි තාරකා.මම හිතනවා එයා හොදයි කියලා.
11මිෂෙල් ඔබාමාට අවශ්‍ය වෙනවා ඔබාමාගෙන් වෙන්වෙලා මහේන්ද්‍ර අයියව බැදගන්න.මොකද කරන්නෙ?
මගේ ගැනි හා කිව්වොත් මිෂෙල් ඔබාමාට මම හා කියලා බැදලා දානවා.හැබැයි මාසෙකින් ඒකත් දික්කසාද වෙන්න වෙනවා.ආයේ කතා දෙකක් නෑ.එයා සුමාන දෙකෙන් මාව දාලා යනවා sure එකටම.ඒක නිසා wife ට කියනවා කසාදෙන් සුමාන දෙකක් නිවාඩු දෙන්න කියලා.
12 ජනාධිපති මහින්ද රාජපක්ෂ,රනිල් වික්‍රමසිංහ,ජෙනරාල් සරත් ෆොන්සේකා,විමල් වීරවංශ මේ අයව හම්බවෙලා එක ප්‍රශ්නයක් අහන්න ලැබුණොත් මොනවද අහන්නෙ?
ජනාධිපතිතුමනි මේ රටේ සිනමාශාලා ටික හදලා දෙන්න බැරිද? දැන් පක්ෂ නායකකමේ හිටියා ඇති නේද රනිල් මහත්තයෝ? සරත් ෆොන්සේකා මහත්තයාගෙන් අහනවා මම රටට සේවය කරන්න ක්‍රියාකාරී දේශපාලනයේ යෙදෙන්නම ඕනෙද කියලා. අලුතින් ගෙවල් හදාපු ගම්මානයක් පිහිටුවන්නෙ නැද්ද කියලා විමල් වීරවංශගෙන් අහනවා.
13සක්‍රයා මහපොළොවට බැහැලා මහේන්ද්‍ර අයියට එකම එක වරමක් දෙනවා ශරීරාංගයක් වෙනස් කරගන්න.මොනවද වෙනස් කරගන්නෙ.?
සක් දෙවිදුනි මීට වඩා තව අගල් දෙකක් මාව උස යවන්න කියනවා.එතකොට අර මම දාන සපත්තු දෙකේ අගල් දෙකක් විතර heel නැතිව මට යන්න පුළුවන්.
14 play boy සගරාවෙන් නිරුවත් cover page එකකට ආරාධනා කරනවා.මහේන්ද්‍ර අයියා ඉල්ලන ගාණක් දෙන්නම් කියලා.ආරාධනාව බාර ගන්නවද?
අයියෝ සිනමා කැමරාව ඉස්සරහ නිරුවතින් හිටපු මට ඕක වැඩක්ද??ඒවා කී දාහක් නැවත නැවත බලනවද?මම ඉල්ලන ගාණක් දෙනවා නම් ඕක පෙනුණට කමක් නෑ.මම බාරගන්නවා.
15 අයියගේ පුතාලා තුන්දෙනා විවාහ වෙන වයසට එනවා, එක්කෙනක් අයිශ්වර්යා රායිවත්, අනෙක් කෙනා ඇන්ජලීනා ජොලීවත් ඉතිරි ගෙනා ලේඩි ගාගාවත් බදින්න අවසර ඉල්ලනවා.අයියා අවසර දෙනවද?
බැදහල්ලා කියනවා.
16 ඒ ඇයි?
මටත් try එකක් දෙන්න පුළුවන්නෙ.ගහයිද දන්නෙ නෑ නේ මට.
17 ඉන්දියානු අධ්‍යක්ෂවරයෙකුට ඕන වෙනවා Porn Movie එකක් කරන්න. porn actres සනී ලියෝන්ව සහ මහේන්ද්‍ර අයියව දාලා.බාර ගන්නවද?
අනිවාර්යෙන් බාරගන්නවා.
18 සමලිංගික ප්‍රේමය පදනම් කරගත්තු චිත්‍රපටයක අයියට ආරාධනා කරනවා.ඒ සදහා අයියාවත්,කමල් අද්දර ආරච්චිවත් තෝරා ගන්නවා.එහි සරාගි දෙතොල් සිපගැනීමේ දර්ශනයක් තිබෙනවා.වැඩේ භාර ගන්නවද?
මගේ ජීවිතේ මම අප්‍රියම දේ තමයි සමලිංගිකත්වය කියන කතාව.ඒක මට ඇත්තටම අප්‍රසන්නයි.තනි තටුවෙන් පියාඹන්න කියන චිත්‍රපටයේ මට එවැනි චරිතයක් කරන්න තිබුණාට ඔවැනි දර්ශන තිබුණෙ නැති නිසා අවුලත් නැතිව මම කළා.නමුත් මම මේ විෂයට අකමැති නිසා මම මේ චිත්‍රපටය නම් බාර ගන්නෙ නෑ.
19 shooting ඉවර වෙලා lodge වුණාම,රෑට හැමෝම මහේන්ද්‍ර අයියාගේ කාමරේට රිංගන්න හදන්නෙ ඇයි?
ආහ්, මම මගේ කාමරයේ හදුන්කූරු පත්තුකරනවානේ.ඒ හදුන්කූරුවල එක එක මල්වල සුවද හමනවා. ඒ සුවදට ඒ දුමට කට්ටිය හරිම කැමතියි.සමහර ඒවා අරලිය මල් සුවදයි,ඉතින් කට්ටිය හරිම කැමතියි මගේ කාමරේට ඇවිල්ලා ඒ සුවද අඝ්‍රාණය කරලා යන්න.අනෙක මම යන යන තැන මගේ එක්ක මගේ player,CD ටික අරන් යනවා.සින්දු අහන්නත් කට්ටිය එනවා.
20 අයියගෙ car එක drive කරන්න කමල් අද්දරආරච්චිට දවසක් ලොකු ආසාවක් ආවා.එදා කමල් අයියගේ ආසාව සන්සිදවන්න ගිහින් මොකද වුණේ?
කමල් ඒ කාලේ දැනට වඩා හරි Speed නේ. කාර් එක uncontrol speed එකක drve කරලා රෝද දෙකෙන් ගිහින් රවුම් දෙකක් විතර කැරකිලා පෙරලුණා. කාර් එක බිමට වැටිලා නැවතුනාම මම සීට් අස්සෙන් බෙල්ලදාලා බැලුවා. Wind screen එක කලුම කලුපාටයි. මට එකපාරට හිතාගන්න බැරිවුණා මම මේ ඉන්නෙ වලක් ඇතුලෙද කියලා. ඩ්‍රයිවින් සීට් එකේ කමලුත් නැහැ. මම හිතුවා කමල් එළියටවත් විසිවෙලාද කියලා.මම දොරට පයින් ගහලා ඇරගෙන එළියට බැහැලා බලද්දි කමල් කාර් එකේ බොනට් එක ඉස්සරහ දණ ගහගෙන අඩනවා.ඇයි මචං මටම මෙහෙම වෙන්නෙ කිය කියා.
21 කාලයක් රගපෑමෙන් ඈත්වෙලා මාංස සම්බන්ධ වෙලදාමක යෙදුනේ ඇයි?
අනාගතය ගැන පොඩි බයක් ආවා.මොකද අපි වෙනත් රැකියාවල යෙදෙන අය නෙමෙයිනෙ.හදිසියේ වැඩක් නැති වුණොත් කියලා මම ව්‍යාපාරයකට අතගැහුවා.මම farm shop එකක් කළා.කොහොම හරි මරාලයකට තමයි මම අතගැහුවෙ.ඒ වැඩේ කර කර ඉද්දි තමයි ප්‍රසන්න විතානගේ කඩේ ගාවට ඇවිත් පුරහද කලුවර චිත්‍රපටයට කතා කළේ.ඉතින් මම කඩේ වහලා shooting වලට ගියා.
22 කමල් අද්දරආරච්චි,පාලිත සිල්වා,ශ්‍රියන්ත මෙන්ඩිස්,ජැක්සන් ඇන්තනී,ලින්ටන් සේමගේ මේ අයට කියන්න තියෙන්නෙ මොනවාද?මේ අයියගේ සමකාලිනයෝ.
කමල් කියන්නෙ වයසින් පරිණත වුණත් රංගනයේදී real ප්‍රේමවන්තයෙක්.ඔහුගේ කඩවසම් බව සමගයි ඒක එන්නේ. පාලිත සිල්වා පොඩ්ඩක් තරබාරුකම අඩුකරගත්තා නම් හොදයි.ශ්‍රියන්ත මෑතකදී ඉදන් පොඩි over එකක් එනවා.ඒක අඩු කරගත්තා නම් හොදයි. ලින්ටන් සේමගේට පුළුවන් නම් කේන්ති නොයන චරිතයක් රගපාලා පෙන්වන්න. මොන චරිතෙ රගපාන්නත් ඔහුට කේන්තිය ඕනෑ.ජැක්සන් ඇන්තනි කියලා අමතක කරලා රගපාන්න පුළුවන් වුණානම් හොදයි.මානසික සැහැල්ලුව තව ටිකක් වර්ධනය වුණානම්.
23 මේ සමකාලීනයන්ගෙන් අයියට අභියෝගයක් වුනේ කවුද?
කිසි කෙනෙක් අභියෝගයක් වුනේ නැහැ.
24 මහේන්ද්‍ර පෙරේරා අනංගයා කියන්නෙ ඇත්තද?
කාලයක් එහෙම අනංග කෑලි තිබුණා.දැනුත් එහෙම නැත්නෙ නැහැ.ඉතිං ඒත් ජීවිතේ තුල මම පත්වෙලා ඉන්නෙ රංගනය පැත්තෙන් මම පෝෂණය වෙන්නෙ.කොහොමද කියන තැනට.ඒ තු ඔය කියන අනංගකමත් චුට්ටක් විතර ඇති.