ඕස්ටේ‍්‍රලියාවෙන් ශ‍්‍රී ලංකාවේ සංචාරයට නව උපදේශයක් Gossip Lanka 9

ශ‍්‍රී ලංකාවේ සංචාරය කරන සිය පුරවැසියන්ට  ඕස්ටේ‍්‍රලියාව නව උපදේශයක් නිකුත් කර තිබෙනවා. ඒ, අවිනිශ්චිත ආරක්ෂක වාතාවරණයන් තුළ පරීක්ෂාවෙන් කටයුතු කරන ලෙසයි. රටේ ඇතැම් ප‍්‍රදේශවල මෙවැනි තත්ත්වයක් ඇති විය හැකි බව  ඕස්ටේ‍්‍රලියානු රජය ප‍්‍රකාශ කර ඇත්තේ අලූත්ගම සහ බේරුවල සිද්ධීන් සිහිපත් කරමින්. ඇඳිරි නීතිය පනවා ඇති අවස්ථාවල දේශීය බලධාරීන්ගේ උපදෙස්වලට අනුව කටයුතු කරන ලෙස ද  ඕස්ටේ‍්‍රලියානු රජය ශ‍්‍රී ලංකාවේ සංචාරය කරන සිය පුරවැසියන්ට උපදෙස් දෙනවා.
-http://www.hirunews.lk-