අවුරුදු 15ක දැරියක් මාසයක පමණ කාලයක් බරපතල ලෙස දූෂණය කළ බවට අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් 5දෙනෙකු ලබන 17වෙනිදා දක්වා අද රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
නියෝගය නිකුත් කළේ අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් නදීකා ඞී. ප්‍රියරත්න මහත්මියයි.
සැකකරුවන් අතර මැදවච්චිය නගරයේ රාජ්‍ය බැංකුවක සහකාර කළමනාකාරවරයෙකු සහ කැබිනට් අමාත්‍යවරයෙකුගේ හිටපු රියැදුරෙකු ද වනවා.
සැකකරුවන් සියලුදෙනා මැදවච්චිය නගරයේ සහ අවට පදිංචිකරුවන් බවයි ප්‍රකාශ කෙරුණේ.
එක් සැකකරුවෙකුට දැරිය මුදලට විකුණූ බවට චෝදනා එල්ල වී තිබෙනවා. මැදවච්චිය වවුනියාව මාර්ගයේ පිහිටි හෝටලයකදී සහ ඇතැම් සැකකරුවන්ගේ නිවෙස්වලදී දැරිය දූෂණයට ලක්ව ඇතැයිද පොලිසිය අධිකරණය හමුවේදී කියා සිටියා.
සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පවත්වා ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් මීළඟ නඩු දිනයේදී ඉදිරිපත් කරන ලෙසයි මහේස්ත්‍රාත්වරිය පොලිසියට නියෝග කළේ.
දැරිය පරිවාස භාරයට පත්කොට ආරක්ෂක ස්ථානයක රඳවා තබන ලෙසද නියෝග කෙරුණා.