ගුරුවරියන් දෙදෙනෙකුගේ තර්ජනය කිරීම නිසා කලකිරී දුම්රියට පැන දිවිනසාගත් රාගම "සෙව්මිණි අපේක්ෂා" සිසුවිය මියයන්නට පෙර තැබූ සටහනක් ඇය නිතිපතා යන කඳානේ හපුගොඩ දේවස්ථානයේ ශාන්ත සෙබස්තියන් මුනිඳුන්ගේ ප්‍රතිමාව අසල තිබෙන පඬුරු පෙට්ටියේ තිබි සොයාගෙන ඇත.
අදාළ ගුරුවරියන්ගේ සමලිංගික හැසිරීමක ඡායාරූප සහිත මෙමරි චිප් එකක් පිටවේ යයි බියෙන් ගුරුවරියන් දෙදෙනා සේව්මිණිව දැඩි ලෙස පිඩාවට ලක්කර තිබේ. එම ‘මෙමරි කාඩ් පතේ’ ප්රශ්නය දිගින් දිගටම ඇදි ඇදී යමින් ඇයට පාසලේ කොන්වන්නට සිදුවූ කාලයේ එම ලිපිය ලියා ඇති අතර ඇය සියදිවි නසාගත් දිනයේ ලියූවක් නොවෙයි
අධ්‍යාපනයට සේම ක්‍රීඩා කටයුතුවලටද දක්ෂතාවක් දැක් වූ සෙව්මිණි විදුහලේ ගුරුවරියන් සමගද සමීපව ක්‍රියා කර තිබුණ අතර ඇයට මේ ප්රශ්නය නිසා සමලිංගික ප්‍රශ්නයට මැදිවූ බව කියන 'සුගීතා' ටීචර් හා 'කාවිංගා' ටීචර්ගේ මිතුදම අහිමිවීමත් ඔවුන්ගේ දෝෂදර්ශනයට නිරන්තරයෙන්ම ලක්වීමත් නිසා ඇති වූ කලකිරීම සංසිඳුවාගන්නට දෙවියන්ගෙන් කරන ආයාචනයක් ලෙස මෙම ලිපිය ලියා ඇත.
සෙව්මිණි අපේක්ෂා විසින් ලියා පඬුරු පෙට්ටියේ බහාලන ලිපිය පහත පරිදිය.
"අනේ දෙව් පියාණෙනි, ඔබ වහන්සේටවත් පේන්නේ නැද්ද...? මං ගමේ ඉස්කෝලේදී විඳින නින්දා අපහාස.... අනේ ජේසුනි.... මට මේ ලබන්නා වූ මාසයේ සිටම හොඳට හැදෙන්නට වරම් දෙන්න දෙවියනි. මම කරන හැම වැඩක්ම හොඳද? නරකද? කියලා මට කියලා දෙන්න දෙවියනි. ඒ වගේම 2013 වර්ෂයේ දී මම මේ වේදනා ආව හැම ප්‍රශ්නයක්ම අසාධාරණකමක්ම අමතක කරලා මින් මතුවට සැමටම ප්‍රිය හොඳ දරුවෙක් වීමට මට වරම් දෙන්න.
මම පාසලේ දී හැසිරෙන විදිහට මට සුගිතා ටීචර් දකින දකින හැම තැනකදීම බණිනවා.... ඒ නිසා යළිත් මට ඒ විදිහට හැසිරිලා පාසලේ දී කිසිම හේතුවක් නිසාවත් ඇයගෙන්වත් ගුරු මණ්ඩලයේ ගුරුවරයකුගෙන්වත් බැණුම් ඇසීමටත් යළි මින් මතුවට කිසිම දිනයක ඉඩ දෙන්නට එපා කියලා මම ඉතාමත් බැගෑපත් ලෙස ඔබ දෙපතුළ ළග වැඳ වැටී ඉල්ලමි දෙවියනි.
ඒ වගේම නොසිතූ විදිහකට ඇරඹුණු මගෙයි, සුගීතා ටීචර්ගෙයි, කාවිංගා ටීචර්ගෙයි සුන්දර යාළුකම නොසිතූ විලසින් නොසිතූ දිනයක අවසන් වී ගිය බව ඔබහන්සේ දන්නවා නේද....? අනේ දෙවියනි ඒ වගේම මම දන්නවා ඒ දෙන්නා මාත් එක්ක තරහ වුණු නිසා මට දුන්න දුක වේදනාව ඔබ වහන්සේ දන්න බව. අනේ දෙවි රජාණනි, ඉතින් තවදුරටත් මට ඒ දුක විඳීමට තරම් හයියක් නෑ.............
ඒ නිසා හෙටින් ඇරඹෙන මාසය තුළදී මට එයාලා දෙන්නව කොහොම හරි කරලා නොසිතූ විදිහකට ආයෙත් යාළු කරලා දෙන්න කියලත් මම ඉතාමත් ආදරයෙන් කරුණාවෙන් ඔබවහන්සේගෙන් ඉල්ලා සිටිමි. අනේ දෙවියනි, ඒ වගේම මගේ පාසල තුළ මගේ යහළු යෙහෙළියන් සමග මට විනෝදවීමට සංවරව කීකරුව ගෑනු ළමයකුට ගැළපෙන ආකාරයෙන් විනෝදවීමට මට කියලා දෙන්න.
අනේ දේව තාත්තේ මගේ පාසලේ ගුරු මව්වරුන් පියවරුන් අතරේ මගේ නාමය ඉතා නොහොබිනා ලෙසින් පැතිර තිබෙන නිසා ඒ අයට මා ගැන හිතෙන යම් යම් වැරදි සිතුවිලිවල හරි වැරැද්ද ඒ අයට පහදා දීලා මම කොයි වගේ කෙනෙක්ද? කියලා ඒ අයටත් අන් සෑම දෙනාටත් පහදා දෙන මෙන් අවංකව ඉල්ලා සිටිමි.
අදින් පසුව ඉතා කීකරු, සංවර හොඳ ළමයෙක් ලෙස හැසිරීමට මට වරම් දුන මැනවි. මගේ හිතේ මේ වන විට ඇවිළී තිබෙන සෑම ගින්දරක්ම, දුකක්ම, ප්‍රශ්නයක්ම ඔබට භාර කරමි. ඒ හැම දෙයක්ම විසඳලා හැම හිතක්ම නිවලා හැම දුකක්ම නැති කර දෙන ලෙස ඔබවහන්සේගේ දයාබර පිවිතුරු පිරිසිදු මව්වන මරිය තුමියගෙනුත් සෙබස්තියන් මුනිඳුන්ගෙනුත්, අන්තෝනි මුනිඳ
මට අදින් පස්සේ හොඳට හැදෙන්නට වරම් දෙන්න. ඒ වගේම මට ටීචර්ලා දෙන්නා එක්ක ආයෙමත් යාළු වෙන්නට වරම් දෙන ලෙස ඉල්ලා සිටිමි. - ආමෙන් ජේසු."
ඇය දුම්රියට පැන දිවිනසා ගත්තේ විදුහලේ ගුරුවරියන්ගෙන් එල්ල වූ දැඩි මානසික පීඩනය දරාගත නොහැකිව බව ඇගේ අත්අකුරින් ලියූ මේ ලිපියේ සාක්ෂි අනුවද පැහැදිලිවී තිබෙනවා.
රාගම, පොඩිකුඹුර ප්‍රදේශයේ පදිංචිව සිටි සෙව්මිණි අපේක්ෂා වැඩිමහල් සහෝදරියක් සහ බාල සහෝදරයකු සිටි 15 හැවිරිදි වියේ දැරියකි. ඇයගේ ‘මෙමරි චිප් ප්රශ්නය’ ගැන දිවිනසාගන්නා දිනය වනතුරු නිවසේ උදවිය දැන නොසිටි අතර සිද්ධිය වූ දිනයේ උදෑසන ඇගේ මාමා ඉදිරියේ ගුරුවරියන් දෙදෙන කථා කරන තුරු ඒ බව රහසක් වශයෙන් පැවතිණි.
පාසලේ ගුරුතුමියක් සමග ඇය තවත් ගුරුතුමියකගේ ඇසැබි ඡායාරූප කීපයක් සහිත චීප් කාඞ්පතක් ගැන තමා දන්නා බව කීමෙන් පසු මේ ප්රශ්නය මීට මාසයකට පමණ පෙර සිට ඇරඹී ඇත. එම විස්තරය අදාළ ගුරුතුමියට වාර්තාවීමත් සමග කලබල වූ ගුරුතුමිය දැරියට දැඩි ලෙස තරවටු කර සිද්ධියට සම්බන්ධ සුගීතා ටීචර් හා කාවිංගා ටීචර්ටද මේ බව දන්වා තිබුණා.
අනතුරුව විදුහල්පතිතුමාටද ඇයව යොමු කර තිබුණ අතර දැරියගෙන් සිද්ධිය පිළිබඳව විමසූ විට බියට පත් දැරිය පවසා තිබුනේ එවැනි ආකාරයේ ඡායාරූප ඇතුළත් චිප් පතක් පිළිබඳව තමා දන්නේ නැති බවය. ඇය බොරුවක් කරන සැකයට අනතුරුව පාසලෙන් ඇයට දිගින් දිගටම එල්ල වූයේ පීඩනයයි.
නිවසක කාමරයක සුගීතා ටීචර් හා කාවිංගා ටීචර් එක්වී සමලිංගික හැසිරීමක් සිදුකරන ආකාරය ජනේලයකින් එබුණු බාසුන්නැහේ කෙනෙකු ජංගම දුරකථන කැමරාවකින් ඡායාරූපයට නගා තිබූ බවත් පසුව ඒ ගැන ප්‍රදේශයේ රාවයක් පැතිරුණ බවත් කියැවෙනවා. පාසලේ සිසුසිසුවියන් අතර මෙම හැසිරීම ගැන කටකතා පැතිරී ඇත.
ුන්ගෙනුත්, ශාන්තානම් මෑණියන්ගෙනුත්, ආශ්චර්ය යුක්ත මරියාතුමියගෙනුත්, ඔබවහන්සේගෙනුත් ඉතා බැගෑපත් ලෙස ඉල්ලා සිටිමි. ආමේන්.
මෙම චිප් පත බාසුන්නැහේගෙන් සෙව්මිණිට ලැබීම තවම පැහැදිලි නොවූ කතාවකි. ඒ ගැන කියන්නේ ඇගේ පාසලේ මිතුරන්ය. ඒ ගැන තොරතුරු තවම පරීක්ෂණ මට්ටමේ පවතී.
ඇය සතුව තිබුණ චිප් එක තවත් තැනකට මේ වනවිට ගොස් ඇත්ද...? යන්නද තවම දැනගන්නට නොමැත. මෙම ගුරුවරියන් දෙදෙනා කලබල වන්නට හේතු වූයේ සත්‍ය ලෙසම එවැනි අසභ්‍ය හැසීරීමක් පැවති නිසාය.
මෙම චිප් කාර්ඞ් එක ගන්නට ඇගේ නිවසට ගුරුවරියන් දෙදෙනාු දැරිය සමග පාසල් වේලාව තුළ ගිය අවස්ථාවේ දැරියගේ මාමා පමණක් නිවසේ සිටි බවත් මාමා දියණියට පවසා ඇත්තේ එවැනි චිප් එකක් ඇත්නම් ටීචර්ට දෙන ලෙසත්ය.
සෙව්මිණි අපේක්ෂාට නිවසේදීත් එය සොයා ගැනීමට නොහැකි වී ඇති අතර හවසට එය ලබා දෙන බවට මාමා ඉදිරියේ ගුරුතුමියන් දෙපළට ඇය පොරොන්දුවූ පසු "මොකක්ද මිස් තියෙන්නෙ ඒකෙ අසභ්‍ය ජවනිකාවක්ද?" ඇසූ විට ගුරුවරිය කියා ඇත්තේ "ඒවා වැඩක් නෑනේ.. මට මේ ගමේ විසුමක් වෙන්නෙ නෑ මේක කොහොම හරි හොයාගන්න ඕන..." යනුවෙනි.
දිවිනසාගැනීමේ සිද්ධියෙන් පසු ඇගේ ඥාතීන් පාසල ඉදිරිපිට උද්ඝෝෂණ කළ අතර සුගීතා ටීචර් හා කාවිංගා ටීචර් ගුරුවරියන් සම්බන්ධ කරුණු විභාග වන තෙක් ඔවුන්ව වෙනත් පාසලකට මාරුකර යවා තිබුණා.
සෙව්මිණි අපේක්ෂා සිසුවිය විසින් සිය විදුහලේදී ගුරුවරුන්ගෙන් ඇයට එල්ල වන පීඩාවන් සඳහා ක්‍රිස්තුන් වහන්සේගෙන් විසඳුම් ඉල්ලා ලියන ලද ලිපියක් කඳානේ හපුගොඩ ශාන්ත සෙබස්තියන් මුනිඳුන්ගේ ප්‍රතිමාව අසල තිබෙන පඬුරු පෙට්ටියේ තිබි සොයාගත් මෙම පඬුරු පෙට්ටියෙන් පඬුරු ඉවත් කරන පුද්ගලයා මෙම මාසයේ මුලදී මෙම ලිපිය දැක ඇති අතර ඔහු එය නැවත පඬුරු පෙට්ටියට දමා තිබේ.
සියදිවිනසාගැනීමේ සිද්ධිය වාර්තා වූයේ 6 වනදාය. සිසුවිය සියදිවි නසා ගැනීමෙන් පසු ඔහුට මෙම ලිපිය ගැන මතක් වී එය ඇගේ ඥාතීන්ට භාරදී ඇත. සිසුවියගේ ඥාතීන් කියා සිටියේ පොලිසියට මෙම ලිපිය භාරදෙන බවය.
විදුහලේ ගුරුවරියකගේ අසැබි දර්ශන ඇතුළත් චීප් එක ගැන තොරතුරු සැබවින්ම දන්නවා නම් දන්නේ මියගිය සෙව්මිණි සහ එම ගුරුවරියන් දෙදෙනා පමණි. එය මේ වන විටත් තවත් කෙනෙකු අතට පත් වී ඇත්ද? යන්න පිළිබදව හෙළිවී නොමැත.