හැටන් ප‍්‍රදේශයේ කාන්තාවක් විවාහ කර ගන්නා බව පවසා ඇය කැළෑබද ප‍්‍රදේශයකට රැගෙන ගොස් ඇගේ රන් භාණ්ඩ කොල්ලා අත්පා ගැටගසා දමා පලාගිය සැකකරු අද රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ඒ සැකකරු හැටන් මහේස්ත‍්‍රාත් අමිල ආරියසේන මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. ඒ අනුව ලබන 16 වනදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණු සැකකරු එහිදී හදුනාගැනීමේ පෙරට්ටුවකටද ඉදිරිපත් කිරීමට නියමිතයි.
පුවත්පත්වල මංගල යෝජනා පළ කර එමගින් හදුනාගන්නා කාන්තාවන් මුණගැසී ඔවුන් සතු රන් භාණ්ඩ කොල්ලකෑම සැකකරු විසින් සිදුකර ඇතැයි මූලික පරීක්‍ෂණවලදී හෙළි වුණා. ඉකුත් 31 වනදාද හැටන් නෝර්වුඞ් ප‍්‍රදේශයේදී එලෙස රන් භාණ්ඩ කොල්ලකා පසුව අදාළ කාන්තාව දූෂණය කර ඇති බවද පොලීසිය පැවසුවා.
-nethfm-