තමන්ට ලැබුණු කිරුළ අත්හැරීමට තීරණය කළ බව තායිලන්ත රූ රැජිණ ලෙස කිරුළු පැළඳි වෙලූරි ඩික්සයාබුට් පවසනවා. ඒ, එම කිරුළ දැරීමට ඇය සුදුසු නොවන බවට එල්ල වී ඇති චෝදනා හේතුවෙන්.
බලයෙන් පහකෙරුණු තායිලන්ත අග‍්‍රාමාත යින්ලූක් ශිනවත‍්‍රාගේ ආධාරකරුවන් විවේචනය කරමින් ඇය සමාජ වෙබ් අඩවියක සටහනක් යොදා තිබුණා. ඉන් කියවුණේ ශිනවත‍්‍රාගේ ආධාරකරුවන් රටින් නෙරපා හැරිය යුතු බවයි.
තායිලන්ත රූ රැජිණ ලෙස වෙලූරි ඩික්සයාබුට් එළඹෙන ලෝක රූ රැජිණ තරගාවලිය නියෝජනය කිරීමට නියමිතව තිබුණා. එහෙත් මෙවැනි විවේචනයක් සිදුකරන අයෙකු තායිලන්තය නියෝජනය කරමින් එම තරගාවලියට සහභාගි කරවීම සුදුසු නොවන බවයි බොහෝ දෙනෙකු පෙන්වා දී තිබුණේ. එල්ල වු චෝදනා සැලකිල්ලට ගෙන ඇය එම තරගාවලිය නියෝජනය කිරීමෙන් ද ඉවත් වි තිබෙනවා.

-nethfm-