මියන්මාරයේ තොරතුරු නියෝජ්‍ය අමාත්‍ය Ye Htut මියන්මාරයේ ප්රජාතන්ත්රවාදය
සඳහා වන ජාතික ලීගයේ
සභාපතිනිය මෙන් ම විපක්ෂ මන්ත්‍රීවරියක වන අවුන්සාං සු කී ගෙන්
සමාව ඉල්ලා ඇතැයි වාර්තා වනවා.මෙම අමාත්‍යවරයා ෆේස්බුක් ඇතුළු සමාජ ජාලයන්
මියන්මාරයා තුළ ප්‍රචලිත කිරීමට ගන්නා උත්සාහයන් හේතුවෙන් එරට තුල
ප්‍රසිද්ධව ඇත්තේ ෆේස්බුක් ඇමතිවරයා ලෙසටයි.නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේ සමාව ඉල්ලා ඇත්තේ
ඔහුගේ බිරිඳ විසින්
අවුන්සාං සු කීගේ විකෘති කරන ලද ජායාරූපයක් ෆෙස්බුක්හි "ෂෙයාර්" කිරීම නිසාවෙන්.
එම ඡායාරූපයෙහි අවුන්සාං සු කී මුස්ලිම් කාන්තාවන්
පළඳින හිස් වැස්මක් පැළඳ කිරුළක් පළඳින ආකාරය දැක්වෙනවා.එම ජායාරූපය පහතින් බලන්න...
මෙම ජායාරූපය මියන්මාරය තුල ආන්දෝලනාත්මක ජායාරූපයක් වී ඇත්තේ එරට තුළ
ආගමික ගැටුම් බහුලව තිබෙන හෙයින්.