මෙයාගෙ සම්පූර්ණ නම හරීන්ද්‍ර මාධව විජේසිංහයි. නමුත් භාවිතා වන්නේ මාධව විජේසිංහ කියලයි. ළඟම හිතවතුන් නම් ”මදු” කියලත් කියනවා.
මහරගම ධර්මාශෝක සහ මධ්‍ය මහා විද්‍යාල මෙන්ම කොළඹ ලූම්බිණි මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ඇති මාධවගෙ ගම මත්තේගොඩයි. තාත්තා රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරිවරයකු ලෙස කටයුතු කළ අතර, මාධවගෙ අම්මත් රාජ්‍ය සේවයේ නිරත වුණා. මාධවගෙ එකම අයියා විවාහකයි. ඒ විදියට ඔහුගේ පවුලේ විස්තර ගැන සඳහන් කළ මාධව තම පුංචි අම්මා ගැනත් මතක් කරන්නම කිව්වා.
මුලින්ම චරිතයකට එක්වන විට මගේ වයස අවුරුදු පහක් විතර ඇති. අශෝක හඳගම මහතාගේ චන්දකින්නරී චිත‍්‍රපටයේ ළමා චරිතයක් ලැබුණා. සවර්ණා මල්ලවාරච්චි සහ හේමසිරි ලියනගේ ප‍්‍රවීන රංගශිල්පීන් දෙදෙනා මව පියා ලෙස එහි රඟපෑවා. ඒ රඟපෑම ඇත්තටම ලොකු භාග්‍යයක්. ඉන්පසුව වෙළෙඳ දැන්වීම් වලට දායක වෙන්න ලැබුණා. මේ අතරවාරයේදී කලාභූමි ආයතනයේ ශිෂ්‍යයකු ලෙසත් කටයුතු කළා. එහි සිටියදී ලක්ෂ්මන් විජේසේකර සර් සහ මංජුලා මිස්ගෙන් ලැබුණු සහයෝගය ඉහළයි. ඔවුන් නිසා මට අවස්ථා බොහොමයක් ලැබුණා. ලූම්බිණි විද්‍යාලයට උසස්පෙළට ඒමට පෙර, ප‍්‍රාථමික අංශයේ සිටිය දී නිවේදන කටයුතු එහෙමත් කළා. පාසලේදී කලා අංශයේ යමක් වේ නම් නිතරම මගේ නම කියැවුණා. කලාවේ ගමන පටන් ගත්තේ ඒ විදියටයි. උසස් පෙළ කරන කාලයේදී ටී.වී. දෙරණ ලිට්ල් ස්ටාර් වැඩසටහන මෙහෙය වන්න ලැබුණා. එහිදී චතුරාණි අබේසුන්දර මහත්මියගෙන් ලැබුණු සහයෝගය ඉහළයි.
වසන්ත ඥාණප‍්‍රිය ගුරුවරයා යටතේ ළමා නාට්‍ය වේදිකාවේ රඟපෑ නිසා අගැයීමට ලක්වුණා. ඉන්පසුව මුලින්ම ටෙලිනාට්‍යයක රඟපෑමට ලැබුණේ 2009 දී ජානක සිරිවර්ධන අධ්‍යක්ෂණය කළ වස්සාන සිහිනය සමගයි. නමුත් අද වන විට බොහෝදෙනා කතා වන්නේ නම් රවීන්ද්‍ර විජේරත්න අධ්‍යක්ෂණය කළ ”තූර්යා” නිසයි. තරංග දිසානායක අයියාවත් විශේෂයෙන් මතක් කරන්නම ඕනෑ.
මේ චරිතයේ හැටියට මුල් අවදියේදී අනුහස්ට තිබුණේ ධනවත් පවුලක හිතුවක්කාර ගති ඇති පුතකුගෙ චරිත ස්වභාවයක්. මේ නිසාම වෙලාවකට පාරේ බැහැලා යන්න බැරි තරමට සමහර අය මගේ දිහා රවලා බැලූවා. ”අප්පේ පුදුම වදයක්නෙ මෙයා කුසල්ට දෙන්නෙ” කියලා සමහරු ආවේගශීලීව කතා කළා.
අනුහස් හිතුවක්කාර චරිතයක් වෙච්ච නිසා වෙලාවකට ගෙදරින් බැණුම් ඇහුවා. ඒ විතරක් නොවෙයි, චූටි පුංචිගෙන් ගුටිත් කෑවා. මෙහි එක් දර්ශනයක් වෙනුවෙන් චූටි පුංචි මට කම්මුලට පහරක් එල්ල කරන්න තිබුණා. මෙය හරියටම රූගත කරන්න ඕනෑ නිසා හය වතාවක් විතර රූගත කරන්න සිදුවුණා. අන්තිමට චූටි පුංචිගෙ (චලනි බාලසූරියගෙ) දැවැන්ත කම්මුල් පහරවල් නිසා ෂූටිං ඉවර වෙනකොට මගේ මුහුණ එක පැත්තක් හොඳටම ඉදිමිලා තිබුණා. ඒ විදියට නාට්‍යයේ තාත්වික බව වෙනුවෙන් කැපවීම් වුණාට අපි කා අතරවත් තරහක් නැහැ. ඔක්කෝම හරි එකමුතුයි.
තඹරවිල බංගලාවට තෝරාගෙන තියෙන නිවස හරි විශේෂයි. එය තියෙන්නෙ අතුරුගිරියේ. ෂුටිං අතරවාරයෙදී විවේකයක් ලැබුණාම අපි කරන්නෙ එක්කෝ කාමරවල වැටිලා නිදාගන්න එක. ඒත් නැතිනම් නිදාගෙන ඉන්න අයට වතුර ගහන එකයි. අපි එක පවුලක සහෝදර ?නක් වගේ එහි ගත කරන්නෙ හරිම සතුටින්.
මට වඩාත් ගැලපෙන කෙනා තෝරා ගන්නවා.
ටිකිරිගෙ ගති ගුණ හොඳයි.
මේ දෙන්නම මගේ ඉතා හොඳම යෙහෙළියෝ. යෙහෙළියෝ විවාහ කර ගන්නෙ නැහැනේ.
අවංක කෙනාට කැමති වේවි. ඒත් මේ දක්වා එහෙම යෝජනාවක් ඇවිත් නැහැ.
-http://www.lankadeepa.lk-