චන්දි රසිකා චන්ඩි වැඩ කරලා උසාවියෙන් දඩ ගහලා GoZZip Lanka


‘උඹට පවුල් කන්න දෙන්නේ නෑ තොපි ඔක්කොම මරලා දානවා’ පවසා ජීප් රථයක යමින් සිටි ලේක්හවුස් ආයතනයේ කළමනාකරුවකුට අමානුෂික ලෙස පහරදුන් බව කියන සැකකාර නිළිය රුපියල් පනස් දහසක ශරීර ඇප මත මුදා හරින ලෙස නුගේගොඩ ප්‍රධාන මහෙස්ත්‍රාත් අරුණ අලුත්ගේ මහතා ඊයේ (20දා) නියෝග කර ඇත.

හෝමාගම ප්‍රදේශයේ පදිංචි චන්දි රසිකා රණතුංග නමැති නිළිය මිරිහාන පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව එසේ ඇපමත මුදා හැරිණි .
ලේක්හවුස් ආයතනයේ කළමනාකරුවකු වන දිසානායක මහතා මිරිහාන පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව සැකකාර නිළිය අත්අඩංගුවට ගෙන තිබිණි.
සැකකාර නිළිය අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ ඇය පොලිස් කොස්තාපල්වරියකගේද අත සපාකා ඇති බවත් මේ සිද්ධිය පෙම් සබඳතාවක් මත ඇතිවූවක් බව සැකකාරිය පොලිසිය හමුවේ ප්‍රකාශ කර ඇති බවත් වාර්තා වේ.
ඔහු ඉකුත් 19 දින සවස් කාලයේ සිය ජීප් රථයෙන් මහරගම නාවින්න ප්‍රදේශයට ගොස් සිටියදී මීට වසර 2 1/2ට පෙරදී හිතවතියක් වශයෙන් ඇසුරු කළ සැකකාර නිළිය සිය ජීප් රථයට බලෙන් ඇතුල්වී විවිධ තර්ජන කරමින් තමාට අමානුෂික ලෙස පහරදුන් බව පැමිණිලිකාර දිසානායක මහතා සිය පැමිණිල්ල ඉදිරිපත් කරමින් පොලිසිය වෙත පවසා ඇත .
ඇයගෙන් බේරීමට අපහසු වූ නිසා සිය ජීප් රථය වැල්ලවත්ත ප්‍රදේශයට ධාවනය කළ බවත්, ඒ අවස්ථාවේ පිටුපස අසුනේ සිටි ඇය තමාගේ දකුණු අත සපාකමින් පහරදී ඇයගේ සාරි පොට බෙල්ලට දමා තමාගේ ගෙල සිර කිරීමට උත්සාහ කළ බවත්, ඔහු පවසා ඇත.
තවදුරටත් ඇයගෙන් බේරීමට නොහැකි නිසා තමා ඇයගේ ඔළුව සපා කා ජීප් රථය එම ස්ථානයේම තබා ඉන් බැස ගොස් පසුව මිරිහාන පොලිසියට පැමිණිලි කළ බවද ඔහු පැවසුවේය.
1543_1

Comments